දිස්ත්‍රික් 10කට අකුණු අවදානමක්

Picture of අසංක

අසංක

මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර
පළාත්වල තැනින්‌ තැන ගිගුරුම්‌ සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්‌ පවතින බැවින් ජනතාවට විමසිලිමත් වන ලෙඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඇතැම්‌ ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්‌ ද ඇති විය හැක.

ගිගුරුම්‌ සභිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින්‌ සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

මෙම කාලගුණ තත්ත්වය තුළ ජනතාව අනුගමනය කළයුතු ආරක්ෂිත පියවර ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අකුණු සහ ගිගුරුම්‌ පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන්‌ අනුගමනය කරන මෙන්‌ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.

* එළිමහනේ හෝ ගස්‌ යට නොසිටිය යුතු
අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක්‌ හෝ
සංවෘත වාහනයක්‌ තුළ රැදී සිටින්න.
* කුබුරු, නේ චතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන්‌ වලකින්න.
* රැහැන්‌ සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන්‌ වලකින්න.
* බසිසිකල්‌, ට්‍රැක්ටර්‌ සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන්‌ වලකින්න.
* තද සුළං හේතුවෙන්‌ ගස්‌ හා චිදුලි රැහැන්‌ බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින්‌ ඵ්‌ පිළිබදව සැලකිලිමත්‌ වන්න.
* හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්‌ ගේ සහය පතන්න.