අගරදගුරු පදවිය විසින් තීරණය කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාව අදට යෙදී ඇත. . මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින්ය . ඒ අනුව අද දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වන ලෙසට ඉල්ලීමක් කෙරුනි . දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසද අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී ඇත.
නෙ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් මාධ්‍ය වෙත පැවසුවේ කරුණු 05 ක් මුල්කර ගනිමින් මෙම කළු ඉරිදාව අද ක්‍රියාවට නංවන බවය. එසේම මෙය දේශපාලනීකරණය නොකරන ලෙසටද උන්වහන්සේ අවධාරණය කළහ .