අධිවේගයේ ගාල්ලට රෑ 7න් පසු බස් නෑ

Picture of අසංක

අසංක

මාකුඹුර සිට අධිවේගී මාර්ගයේ ගාල්ල බලා ක්‍රියාත්මක දෛනික මගී බස් සේවා රාත්‍රි 7ට නවතා දැමීමෙන් මගීහු රැසක් පීඩාවට පත්ව තිබේ.

කොවිඩ් 19 වසංගතයට සමගාමීව රාත්‍රි බස් සේවා මෙසේ සීමා කර ඇතිබව මාකුඹුර බස් නැවතුම්පොල කාර්යභාර නිලධාරියා the colombo express වෙත පැවසීය.

මෙයට පෙර රාත්‍රි 8.30 ට ලංගම බස් රථයක් ගාල්ල බලා ධාවන වුවද එයද නවතා දමා තිබේ.

ගල්ල බලා ගමන් කිරීමට දිනපතා රාත්‍රි 7න් පසු මගීන් රැසක් මාකුඹුර ට පැමිණියද ඔවුන් හිස් අතින් ආපසු ගාලුපාර බලා යන බව දැනගන්නට ඇත.

මෙසේ බස් රථ සීමා කිරීම් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් ජනතාව දැනුවත් කර නැත.

ඒ වෙනුවට අම්බලන්ගොඩ දක්වා ධාවනයවන එක් බස් රථයක් පමණක් රාත්‍රි 8ට පමණ මගීන් පුරවාගෙන මාකුඹුර අධිවේගී නැවතුම්පොලට සේන්දුවන අතර එහි අම්බලන්ගොඩට යාමට අවස්ථාවට ලැබෙනුයේ අසුන් හිස්ව පවතීනම් පමණි.

දෛනිකව අධිවේගයේ ගාල්ල බලා ගමන් කරන මගීන් වෙනුවෙන් රාත්‍රි 8.30 ලංගම බස් රථය හෝ යොදවන්නැයි මගීහු ඉල්ලා සිටිති.