බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 ,13 ශ්‍රේණි විවෘතවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් මාර්තු 15 වනදා සිට අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබාදී ඇත.

බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කරන දිනය  ඉදිරියේදී දැනුම් දෙන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටී .

දිවයිනේ අනෙකුත් සියලුම පළාත්වල පාසල්වල සියලුම ශ්‍රේණි ලබන 15 වනදා , පළමු පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා ආරම්භ කිරීමට නියමිතව ඇත.