ඊළග එන්නත් තොගයත් වෙලාවටම දෙන බව ඉන්දියාව කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්‍ෂ දහය නියමිත පරිදි ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .

 

ශ්‍රී ලංකා රජය කල විමසීමකදී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත .

 

ඒ අනුව කිසිදු ගැටලුවකින් හෝ ප්‍රමාදයකින් තොරව මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහන ඉදිරියර ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ඊයේ (09) පැවසීය.