පැතුම් වික්‍රමරත්න
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (09)රිට් පෙත්සමක් ගොනු කර ඇත .
මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම පෙත්සම ගොනු කර ඇත . තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය රිට් පෙත්සමේ සඳහන් කර ඇත .
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත
මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (09) පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.
,අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වාර්තාව සභා ගත කර ඇත.
2015 ජනවාරි 08 වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ එනම යහපාලන ආණ්ඩුව සමයේ නිල තල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවල හා පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිලිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා එම ජනාධිපති පරීක්ෂණ කොමිෂම පිහිටුවනු ලැබීය.