හක්මණදී ඇල්ලූ මත්කුඩු ගනුදෙනුව සෙට් කළේ ෆේස්බුක් මිතුරියක් – සැකකරු පොලීසියට කියයි

Picture of අසංක

අසංක

හක්මණදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයට අදාළ ගනුදෙනුවට තමාව සම්බන්ධ කරන ලද්දේ ෆේස්බුක් මගින් දැන හඳුනාගත් ඔහු සමග අත්අඩංගුවට ගත් කාන්තාව බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාන්තාව මහනුවර පදිංචිකාරියකි.

සැකකරු පුදගලයන් රට යැවීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇත.

කලක සිට මොවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ දැන හඳුනාගෙන තිබේ.

තම ව්‍යාපාරය කඩාවැටීම නිසා ඇය “බඩු වගයක් තියෙනවා ට්‍රාන්ස්පෝට් කළොත් ගානක් අතට එනවා” යැයි පවසමින් මෙම ගනුදෙනුව පිළිබඳ ඔහු සමග එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව හොන්ඩා vitz වර්ගයේ මෝටර් රථයකින් මොවුන් හක්මණ වෙත පැමිණ වැවක් අසල සිටියදී එම මත්කුඩු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ට්‍රැවලින් බෑග් මෝටර් රථයට දමා තිබේ.

කොළඹට එම තොගය ගෙනයන ලෙසත් ඒවා බාර දිය යුතු ස්ථානය අතරමඟදී දැනගන්නට ලැබෙන බවත් සැකකරු පොලීසියට පවසා ඇත.

ඒ අනුව ඒවා ගෙනඑමින් සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්කුඩු තොගයේ කිලෝ 68ක් තිබී ඇත.