වසර 18කට පසු ට්‍රැක්ටර් සංස්ථා සේවකයින්ට වන්දි ගෙවයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 18කට පසු ශ්‍රී ලංකා වාණිජ ට්‍රැක්ටර් නීතිගත සංස්ථා සේවකයින්ට වන්දි පිරිනැමීම අද (10) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ වසර ගණනාවක් තමන්ගේ හිඟ වැටුප් සහ වන්දි ලබා ගැනීමට නොහැකිව සිටි ට්‍රැක්ටර් සංස්ථා සේවක පිරිසට එම පාරිතෝෂිත දීමනා සහ වන්දි ලබාදීමට හැකිවීම සතුටට කාරණයක් බවයි.

”කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන වගකීම වන්නේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමයි.එම නිසා පහුගිය කෙටි කාලය තුළ තුල කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කර දෙන කරදෙන පනත් රාශියක් අපිට අලුතෙන් ගෙන යෑමට හැකි වුණා .එසේම පසුගිය වසර ගණනාවක් ඉටුකිරීමට නොහැකි වූ වූ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ ඉල්ලීම දීර්ඝ සාකච්ඡා රාශියකින් පසු ලබාදීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයක්.” බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

අදාල සේවකයන්ගේ හිඟ වැටුප් පාරිතෝෂිත දීමනාවලට අදාල චෙක්පත් අද දින ලබා දුන් අතර ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්වල ප්‍රතිලාභ මුදල් මෙම සේවකයන් විසින් ඉල්ලීම් කළ විට කඩිනමින් ලබාදීම නුදුරු දිනයක සිදු කෙරෙන බව ද එම අර්ථසාධක මුදල් මහ බැංකුවට මේ වනවිට යොමු කර ඇති බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ එම සේවක එකමුතුවේ සභාපති පී.ඒ.ඩි.ඩග්ලස් මහතා කියා සිටියේ,වසර 20කට ආසන්න කාලයක් මෙම රැකියා අහිමි වීමෙන් පසු තමා තම සහෝදර සේවකයන් ඇමතිවරු රාශියක් ලඟට යමින් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්,සමහර ඇමතිවරු ළඟට තුන්සිය වාරයකට ආසන සංඛ්‍යාවක් ගිය බවයි.