ප්‍රබෝධා හෙට්ටිආරච්චි
බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එහි ඇතුළත දී නීතිවිරෝධී ලෙස සෙල්ෆි චායාරුපයක් සඳහා
පෙනී සිටිම හේතුවෙන් සති දෙකකට අමුත්තන් හමුවීම සහ බන්ධනාගාරය මගින් සපයා ඇති දුරකථන පහසුකම් අහිමි කර තිබේ.
ඒ බන්ධනාගාර අඥාපනතේ 78
වගන්තියේ (iii),(vii),(xxiii) වන උප වගන්ති උල්ලංගණය කිරිමෙන්,එකි ආඥා පනතේ 79 වගන්තියේ (ඩී) යන උප වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරිම නිසා ය.
රන්ජන් රාමනායක මහතා විනය ශාලාවට ඉදිරිපත් කිරීමෙන් පසු වැරදිකරු බැව් පිළිගත් බැවින් චූදිත සිරකරුට සති දෙකක් සඳහා මෙම පහසුකම් අහිමි කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ගොස්, එහිදී ඔවුන් දෙදෙනා “සෙල්ෆි“ ඡායාරූපයක් ලබාගෙන තිබේ.
පසුව එය හර්ෂණ රාජකාරුණා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි.
ඒ සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.