නවතම පුවත්

ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් රුධිර කැටි ගැසීමේ අවදානමක් නැහැ – යුරෝපා සංගමය සහතිකවෙයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හේතුවෙන් , රුධිරය කැටි ගැසීම් සිදුවන බවට යුරෝපා රටවල් කිහිපයක පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය අවධාරණය කර සිටී .

එම එන්නත හා රුධිර කැටි ගැසීමේ අවදානම අතර සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නැතැයි යුරෝපා සංගමයේ ඖෂධ නියාමන බලධාරීන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානම ඉහළ නංවන බවට පළ වූ වාර්තා සමග ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයක් අදාළ එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමත් සමග යුරෝපා සංගම් ඖෂධ නියාමන කොමිසම මේ බව සඳහන් කර ඇත .

. එන්නත භාවිත කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට රුධිරය කැටි ගැසීමේ තත්ත්වයන් වාර්තා වී ඇති බවට පසුගිය දින කිහිපයේදී වාර්තා පළවුණු නමුත් යුරෝපා සංගමයේ ඖෂධ නියෝජිතායතනය පවසන්නේ එවැනි තත්ත්වයන් වාර්තා වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කළ මිලියන 03 ක පමණ පිරිසක් අතරින් පුද්ගලයින් 22 දෙනෙකුට පමණක් බවය.

එමෙන්ම එම පුද්ගලයින්ට බලපෑ රුධිරය කැටි ගැසීමේ තත්ත්වය එන්නත භාවිතයේ අතුරුඵලයක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බව එම ආයතනය පෙන්වා දෙ.

ඇස්ට්‍රාසෙනිකා එන්නෙතෙහි ප්‍රතිලාභ ඉහළ මට්ටමක පවතින බවත්, එන්නත සම්බන්ධයෙන් පර්යේෂණ අඛණ්ඩව සිදු කරගෙන යන බවත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි