HIV ඒඩ්ස් වෛරසය ආසාදනයව සිට ස්වාභාවිකවම සුවය ලැබූ දෙවෙනි රෝගියා අර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇත
මෙලෙස සුවය ලබා ඇත්තේ පුරා වසර 08ක කාලයක් පුරාවට HIV වෛරසය ආසාදනය වී සිටි මැදි වියේ කාන්තාවක් බව ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත ..
ආර්ජන්ටිනාවේ, එස්පෙරෙන්සා නගරයේ ජිවත්වන එම කාන්තාවට මේ වනවිට කිසිදු රෝගයක් හෝ වෛරසයක් නොමැති බව විද්‍යාඥයින් පවසයි
HIV වෛරසය සම්බන්ධ විශේෂඥයින් පිරිසකගේ රැස්වීමකදී මේ පිලිබඳ විශේෂ නිවේදනය හාර්වඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලදී .
HIV වෛරසය ආසාදනය වී සිට සොභාවිකව සුවය ලද ලොව පළමු ආසාදිතයා ඉකුත් අගෝස්තු මාසයේ අමෙරිකාවේ සැන් ෆ්‍රෑන්සිකෝ නුවරින් වාර්තා විය එම අසාදිතයා 67 හැවිරිදි ලෝරින් විලේන්බර්ග් නම් කාන්තාවකි ..
මෙම සොයා ගැනීම මගින් ලොවපුරා සිටින HIV ඒඩ්ස් වෛරසය ආසාදිත මිලියන 38ක ජනතාවට සුභවාදී පණිවිඩයක් වනු ඇති බවට විද්‍යාඥයින් බලාපොරොත්තු පළකර සිටි