කොවිඩ්-19 වෛරසය මර්දනය සදහා යොදාගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නවතා දැමීමට කිසිදු හේතුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම එන්නත හේතුවෙන් රුධිරය කැටි ගැසීම් සිදුවන බව පවසමින් බල්ගේරියාව, ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් විසින් භාවිතය අත්හිටුවා තිබුණි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු අද කියා සිටියේ රුධිරය කැටිගැසීම සහ එන්නත අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.
ප්‍රකාශක මාග්‍රට් හැරිස් පැවසුවේ එය “විශිෂ්ට එන්නතක්” බවත් එය දිගටම භාවිතා කළ යුතු බවත්ය.
යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාවන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවද හැරිස් මහත්මිය පැවසුවාය.
යුරෝපා රටවල් කිහිපයක පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය ද අවධාරණය කර තිබුණි.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 760,000 කට වැඩි පිරිසකට ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇත.