අසාත් සාලිගේ ප්‍රකාශය ගැන CIDයේ කණ්ඩායමක් විමර්ශන අරඹයි

Picture of අසංක

අසංක

රටේ නීතියට තමා අවනත නොවන බවත් මුස්ලිම් නීතිය කිසිවකුට වෙනස් කළ නොහැකි බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.