ශ්‍රී ලංකා රුපියලට සාපේක්‍ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය නැවත වරක් අද දින 200 සීමාව ඉක්මවා ඉහල ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් දැක්විණි.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා මෙලෙස අවප්‍රමාණය විය
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.