උත්සව සමය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන උත්සව සමයේදී අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි සති දෙක ඇතුළත මහජනතාව වෙත නිකුත් කරන බව කොවිඩ් මර්දන කාර්යසාධක බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටී .

. සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට හෝ මේ වනතෙක් තීරණය කර නොමැති බවද යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත අද පැවසීය

කෙසේ නමුත් ජනතාව අපරික්ෂාකාරී ලෙස කටයුතු කරන්නේ නම් අවදානම් තත්ත්වය නොසලකා කටයුතු කරන්නේ නම් යම් යම් සීමා පැනවීමට සිදුවන බවද ඔහු මෙහිදී පැවසීය .

. දෙසැම්බර් මස අවසානයේ එළඹි දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජනතාව සැළකිය යුතු ප්‍රමාණයක් විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබූ බවත්, ඉන්පසු ජනවාරි සහ පෙබරවාරි මාසවල කොවිඩ් ආසාදිතයන් වැඩිවීම කෙරෙහි ඉන් යම් බලපෑමක් සිදුව ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීමට ඉඩ නොතබා කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද  ඔහු අවධාරණය කර සිටියේය

.