රවී-ඇලෝසියස් ඇතුළු 8ක් රිමාන්ඩ්

Picture of අසංක

අසංක

හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරැණානායක සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු 8 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ 2016 දී සිදුවූ මහබැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව ය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබීය.

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබේ.