අගමැතිගෙන් බහරේන් නි. රජකුමරුට ඇමතුමක්

Picture of අසංක

අසංක

අගමැති මහින්ද රාජපක්ෂ මහතා බහරේනයේ නියෝජ්‍ය රජ සල්මාන් බින් හමාඩ් අල් කලීෆා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සාකච්ඡා කර තිබේ.

තවදුරටත් ශක්තිමත් කළ හැකි දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයේ වෙනත් අංශ සමාලෝචනය කළ බව අගමැතිවරයා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටි සමයේ සිටම සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ගත් උත්සාහයන් සිහිපත් කරමින් නියෝජ්‍ය රජ කුමරු මෙහිදී ඇගැයීමට ලක්කර ඇත.