ෆේස්බුක් සමාගම බොරු ගිණුම් බිලියනයක් ඉවත් කරයි

Picture of අසංක

අසංක

ෆේස්බුක් සමාගම විසින් එහි සමාජ ජාලයේ පැවති ව්‍යාජ ගිණුම් බිලියන 1.3 ක් ඉවත් කර තිබේ.

එම සමාගම පවසන්නේ පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී මෙම ව්‍යාජ ගිණුම් ඉවත් කළ බවයි.

එමෙන්ම ෆේස්බුක් හි වැරදි තොරතුරු ගැටලු විසඳීම සඳහා 35,000 කට අධික පිරිසක් වැඩ කරන බවත් එම සමාගම පෙන්වාදෙයි.

COVID-19 පිළිබඳ හා එන්නත පිළිබඳ වැරදි තොරතුරු අන්තර්ගත පෝස්ටු මිලියන 12 කට වැඩි ප්‍රමාණයක් සමාගම විසින් ඉවත් කර ඇත.

වසංගත සමයේදී ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල කොරෝනා වයිරස් එන්නත් පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ සහ කුමන්ත්‍රණ ව්‍යාප්ත වී තිබේ.