හඳුනානොගත්  ක්‍ෂය රෝගීන් 5000 ක්  මෙරට සමාජයේ 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරට තුළ හදුනානොගත් ක්‍ෂය රෝගීන් 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින බව  ක්ෂයරෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය, වෛද්‍ය සුවනි දසනායක සඳහන් කර සිටී .
ලෝක ක්‍ෂය රෝග දිනය අදට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර ඇත.
ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බව සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන අතර . දරුවන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද ඇය පැවසීය .
වසරකට මෙරට පුද්ගලයින් 9000 කට ආසන්න පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවට වාර්තා වන බවද  ඇය වැඩිදුරටත් සඳහන් කළාය .