රූපවාහිණිය නැරඹීම සීමා කල යුත්තේ ඇයි ? ප්‍රධානම හේතු දහය මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

රූපවාහිනියට ඇබ්බැහිවීම යනු ඔබ සිතනවාටත් වඩා වැඩි අහිතකර ප්‍රතිඵල අත්කරදෙන විනාශකාරී ඇබ්බැහියක් බව,  මේ වනවිට බටහිර රටවල් රැසක විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණ හරහා අනාවරණය වී ඇත.

ඒ අනුව ඔබ රූපවාහිනිය නැරඹීම සීමා කල යුත්තේ ඇයිද යන්නට becomingminimalist.com වෙබ් අඩවිය දක්වා ඇති  හේතු සාධක දහයක් පහත දැක්වේ .   .

 

ලෝකය පිලිබඳ නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීමට එය බාධාවකි

අධික ලෙස රූපවාහිණියට ඇබ්බැහි වූ විට , සැබෑ ලෝකය යනු රූපවාහිනියෙන් පෙන්වන ලෝකය බවට වන වැරදි වටහාගැනීමක්  ඔබ  තුල ඇතිවේ . විශේෂයෙන් රූපවාහිනී ටෙලි නාට්‍ය , විවිධ විචිත්‍රාංග හරහා පමණක් නොව යතාර්තයට බොහෝ කිට්ටු යැයි පවසන , රූපවාහිනී වාර්තා වැඩසටහන් , රියැලිටි වැඩසටහන් හා සාකච්ජාමය වැඩසටහන් වලින් පවා ලෝකයේ සැබෑ ස්වරූපය නිවැරදි ලෙස නිරූපණය  නොවන බව මතක තබා ගත යුතුය .

 

එය ඔබගේ වියදම් රටාවට අනිසි බලපෑම් එල්ල කරයි – 

රූපවාහිණියට ඇබ්බැහි වූ විට , ඔබ නොදැනුවත්වම එහි ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් වල බලපෑමට ඔබ නතුවේ . ඒ හරහා අනිසි හා අනවශ්‍ය වියදම් සඳහා ඔබ යොමුවනු ඇත . වෙළඳ දැන්වීම් වලට රැවටීමට තරම් ඔබ  දුර්වලයෙකු  , මෝඩයෙකු නොවේයැයි  කොතෙක් සිතුවද , සත්‍යයය  එය නොවේ . ලොව පුරා විවිධ බහුජාතික සමාගම් , ව්‍යාපාරක ආයතන , රූපවාහිනී දැන්වීම් සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක් වියදම් කරන්නේ  ඔවුන්  ඒ බව හොඳින්ම දන්නා නිසාය . තමන් මෙම දැන්වීම  වියදම් කරන මෙම සුවිශාල මුදල් කන්දරාව කිසිසේත් අපතේ නොයන බව ඔවුන් හොඳින්ම දනී .

 

එය ඔබ වටා සිටින ” සැබෑ ” පුද්ගලයින්ගෙන් ඔබ ඈත් කරයි .-

රූපවාහිනිය තුල ඔබ දකින චරිත , සත්‍ය හා ස්වාභාවික චරිත නොවේ . ඒ චරිත මනඃකල්පිතය . එම චරිත සැබෑ චරිත  ලෙස වරදවා  වටහාගතහොත් ඔබ සැබෑ ලෝකයෙන් දුරස් වනු ඇත . සැබෑ ජීවිතයේ ඔබ වටා සිටින  සැබෑ පුද්ගලයින් වෙතින්ද ඔබ දුරස් වනු ඇත . ඔබට සැබෑ ජීවිතයේදී මුහුණ දීමට සිදුවන සැබෑ ගැටළු හා අභියෝගයන් හමුවේ ඔබේ  සහයට එන්නේ එම සැබෑ පුද්ගලයින් මිස , රූපවාහිනියේදී  ඔබට හමුවන  මනඃ කල්පිත චරිත නොවන බව සිහියේ තබාගන්න .

 

එය ඔබේ වටිනා මානසික ශක්තිය මංකොල්ල කයි , අපතේ යවයි –

රූපවහිනියට ඇබ්බැහි  වූවිට එය ඔබේ අවධානය ” ප්‍රාණ ඇපයට ” ගනී . වෙනත් දෙයක් වෙත අවධානය යොමු කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යයි .

 

ඔබ සිතනාවාට වඩා වැඩි මුදලක් ඊට වැයවේ – 

රූපවාහිනිය සඳහා වැයවන විදුලි ප්‍රමාණය ඔබ සිතනවාට වඩා අධිකය . එම නිසා මාසික විදුලි බිල ඉහල යන අතරම රූපවාහිනියේ සෙසු  නඩත්තු හා අලුත්වැඩියාවන් සඳහාද මේ වනවිට ගෙවිය යුතු ගාස්තු ඉහල ගොස් ඇත . එපමණක් නොව රූපවාහිනිය සමග මේ වනවිට සම්භන්ධවී ඇති විවිධ කේබල් ටී වී සේවා , චන්ද්‍රිකා රූපවාහිනී සේවා , ( ඩයලොග් , පියෝ ටී වී ,  වැනි ) සඳහා ද ඔබට මාසිකව විශාල මුදලක් වැයකිරීමට සිදුවේ .

 

එය ඔබේ  තාර්කික බුද්ධියට හා පැහැදිලි අවබෝධයට  හානිකරයි , –

රූපවාහිනිය හරහා සෑමවිටම වාගේ යතාර්ථය  අනවශ්‍ය ලෙස සරල කර දක්වයි . ඕනෑම ගැටළුවක් ඉතා පහසුවෙන් විසඳිය හැකි බවට වන වැරදි අවබෝධයක් ඒ හරහා ඔබ තුල  ඇතිවේ . ප්‍රායෝගික ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමේදී මෙය ඔබට බරපතල බාධාවක් වනු ඇත .

 

එය ඔබේ සෞඛ්‍යයට හානිදායකය –

මේ වනවිට ලොව පුරා විවිධ විද්‍යාත්මක පර්යේෂණ රැසකින් අනාවරණය වී ඇත්තේ රූපවාහිනියට ඇබ්බැහිවීම හරහා ඔබේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවය . විශේෂයෙන්ම ස්ථූල භාවය ,  ඇස් රෝග , ඇතුළු ශාරීරික රෝග මෙන්ම අවපීඩනය වැනි මානසික රෝගද මේ හරහා ඇතිවිය හැක.

 

එය ඔබේ ජීවිතයේ තෘප්තිමත්භාවය  නැති කරයි – 

Journal of Economic Psychology, විසින් සිදුකල නවතම පර්යේෂණයකට අනුව රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහිවූවන්ගේ ජීවිත තෘප්තිමත් භාවය ඉතා අඩුය . ඔවුන් නිතරම අසහනකාරේ හා අතෘප්තිමත් මානසික භාවයකින් යුක්තවන බව මෙහිදී අනාවරණය වී ඇත . එසේම කාංසාව වැනි තත්වයන් වලින්ද එම පිරිස් පෙලෙන බව මෙහිදී අනාවරණය වී ඇත .

 

එය ලිංගික ජීවිතයේ අඩුපාඩු ඇතිකරයි – 

රූපවාහිනිය තම නිදන කාමරයේ තබාගෙන සිටින යුවලකගේ ලිංගික ජීවිතය , එසේ තබා නොගන්න යුවලකගේ ලිංගික ජීවිතයට වඩා අසාර්ථක බවද මේ එනවිට අනාවරණය වී ඇත .

 

එය ඔබ වටිනා කාලය කා දමයි , වටිනා අවස්ථා අපතේ යවයි –

සාමාන්‍යයෙන් යුරෝපීය වැසියෙකු දිනකට පැය 6කත ආසන්න කාලයක් රූපවාහිනිය නරඹයි. ඊට ඇබ්බැහිවූවෙකු ඊටත් වඩා වැඩි කාලයක් රූපවාහිනි නරඹයි . මෙයින් අපතේ යන්නේ ඔබ සතු වටිනා කාලයයි , ව්‍යායාම කිරීමට ,සොබාදහම විඳීමට , පවුලේ අය සමග විනෝදවීමට , පොතක් පතක් කියවීමට , භාවනා කිරීමට , එසේත් නැතිනම් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වූ දෙයකට වැයකිරීමට තිබු ඔබගේ වටිනා කාලයයි .

 

Life is meant to be lived, not watched. To get you started living your life rather than watching others live theirs, consider these ten reasons to watch less television.