අන්තර් නිවර්තන අභිසාරී කලාපය හා දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි හේතුවෙන්, අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරු 1.00ට පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවෙන විට අකුණු අනතුරු වලක්වාගැනීමට විදුලි උපකරණ භාවිතයෙන් වලකින ලෙස සහ අවශ්‍ය සුරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටි.