බන්ධනාගාර තුළ රදවා සිටින සිරකරුවන් සගවාගන හොර රහසේ භාවිතා කරන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ හදුනා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිිබේ.
එම උපකරණ මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු පවා මේ වන විට ආරම්භ වී ඇත. එම උපකරණ මිලදී ගැනීමෙන් පසු ඒ සම්බනධයෙන් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට පුහුණුව ලබාදී වැටලීම් ආරම්භකරන බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් සදහන් කළේය.