නවතම පුවත්

දේවස්ථානවලට යෙදූ ආරක්ෂක වැඩපිළිවෙළ ගැන යුදහමුදාපති පහදයි

අසංක

අසංක

මහ සිකුරාදා දිනය යෙදෙන අද සිට කතෝලික හා කිතුණු දේවස්ථානවලට මෙන්ම එම ප්‍රදේශ ආවරණය කෙරෙන පරිදි පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදා ආරක්ෂාව තර කර ඇතැයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

“සෑම දේවස්ථානයකට ම ආරක්ෂාව සැපයීම ඉතාමත් අපහසු වෙන්නට පුළුවන්. දේවස්ථානවල විතරක් නෙමෙයි මීට අවුරුදු දෙකකට පෙර පාස්කු ප්‍රහාරය හමුවේ ඇතැම් හෝටල්වලටත් ප්‍රහාර එල්ලවුණා. ඒ හෝටල්වලින් හමුදා ආරක්ෂාව ඉල්ලනවා නමුත් පොදුවේ පොලීසිය විසින් මේ සැබැඳිව ක්‍රියාකරලා තියෙනවා.

ඊට අමතරව අතිගරු ජනාධිපතිවරයා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. මේ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව විසින් ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීලා තියෙනවා.

සමහර වෙලාවට එම ස්ථානයේම ආරක්ෂාවට හමුදාවේ හෝ පොලීසියේ අය සිටියේ නැති වුණත් හැකිතාක් දුරට අපි උත්සහ කරනවා ලබාදෙන්න. සෑම ස්ථානයකටම දාන්න බැරි වුණාත් පොදුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් යටතේ අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. මේ සතිය පටන් ගද්දිම මේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි දින දෙකෙත් මේ ආකාරයෙන්ම ක්‍රියා කරනවා.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා