ලොව සිදුවන මරණවලින් 1/5කට හේතුව සමබල නොවන ආහාර බවට වාර්තාවක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ සිදුවන මරණවලින් පහෙන් එකක් සිදුවන්නේ සමබල ආහාර වේලක් නොගැනීම­ නිසා බව අනාවරණය වී ඇත.

අධීක සීනි, ලුනු සහ මේද සහිත ආහාර මෙන්ම සකස් කළ ආහාර අනුභව කිරීම නිසා මිනිස් ජීවිත අකාලයේ අහිමි වන බව ඒ පිලිබඳ පරීක්ෂණය කල යුරෝපීය වෛද්‍ය කණ්ඩායමක් සොයාගෙන ඇත.

. රටවල් 195 ක ක්‍රියාත්මක කළ නවතම පර්යේෂණයකින් මේ බව හෙළිව ඇත.

නිසි පෝෂණයක් නොමැති මෙම ආහාර ලබාගැනීම නිසා හෘදයාබාධ, පිළිකා සහ දියවැඩියාව වැළදීමෙන් වැඩි වශයෙන්ම ජීවිත හානි වන බව මෙම පර්යේෂකයන් පවසති .

. 2017 වසරේදී ලොව පුරා මිලියන 11 ක ජනතාවක් ආහාර පුරුදු හා සම්බන්ධ හේතු නිසා මියගොස් ඇති අතර . පෝෂණය වඩා හොදින් සුරැකෙන ධාන්‍ය වර්ග, දියර කිරි, පරිභෝජනයෙන් මෙවැනි ජීවිත හානි අඩු කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම තම අවසන් වාර්තාවේ දක්වා ඇත.

. එසේම එළවළු සහ පළතුරු වැඩි වශයෙන් අනුභවයද ආයු කාලය වැඩි කර ගැනීමට හේතු වන බවයි ඔවුන් පෙන්වා දී ඇත.