අවුරුද්ද කලින් රුසියානු කොවිඩ් එන්නත්  දිවයිනට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V ” කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබන 12වැනිදා මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව සඳහන් කර සිටී.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, රුසියාවෙන් ඇණවුම් කළ එන්නත් මාත්‍රා මිලියන 7 හි පළමු තොගය ලෙස එය මෙරටට ලැබෙන බවය.
ඉදිරි තොග මාසිකව මෙරටට ලබා දීමට අදාළ සමාගම එකඟ වී ති‌බේ. මෙහි විශේෂත්වය වන්නේ එන්නතේ පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාව ද ලබන 12 වැනිදා මෙරටට ලැබීමයි.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින 21 කින් දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු බව ද දිනූෂ දසනායක මහතා ප්‍රකාශ කළේය.