රන්ජන්ගේ මන්ත්‍රී අසුන  හිස් බව මැකොට දන්වයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට!
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය පුරප්පාඩු වී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.
පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයාට මේ බව දන්වා ඇතැයි ද කථානායකවරයා කීය.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මෙම ක්‍රියාමාර්ගට එළැඹ තිබේ.
මේ අනුව රන්ජන් රාමනායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම මහතා පත්වනු ඇතැයි ද වාර්තා වේ.
මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ගම්පහ දිස්ත්‍රික්  ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ අජිත් මාන්නප්පෙරුම මහතා ය.