මත්තල ගුවන්තොට ප්‍රවාහන කේන්ද්‍රයක් කෙරේ සංචාරක ආකර්ෂණයත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන්තොටුපළක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත
ඒ අනුව  ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක් (MRO) සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය
මත්තල ගුවන් තොටුපළ 2013 වසරේ මාර්තු 18 වන දින සිට විවෘත කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 10,206 ක් ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 23 ක් මෙහි ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.