ගැසට්ටුව නිකුත් කෙරේ
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිරදඬුවම් ලබා බන්ධනාගාර ගත වීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු නොපැමිණීම නිසා පුරප්පාඩු වූ රංජන් රාමනායක මහතාගේ ආසනයට අජිත් මන්නප්පෙරුම මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (8) නිකුත් කර තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ක විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ඇතුළු විපක්ෂය දැක් වූ විරෝධය හේතුවෙන් ඊයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර විනාඩි පහකට මැති සබේ කල් තැබීමට ද සිදුවිය.