නවතම පුවත්

තානාපති කාර්‍යාලයකින් කියා ලොකු ලොකු සාප්පුවලින් භාණ්ඩ ජාවාරම් කරලා

අසංක

අසංක

මෙරට පිහිටි විදේශීය තානාපති කාර්යාල මගින්‌ දුරකථන ඇමතුම්‌ ලබා දෙන ලෙසට හඟවමින්‌ කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළඳ ආයතන වෙත ඇමතුම්‌ දී තානාපති කාර්යාලය සඳහා වටිනා භාණ්ඩ ඇණවුම්‌ කිරීම කරනු ලබන සංවිධානාත්මක පිරිසකගේ ජාවාරමක්‌ පිළිබඳ පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

අදාල වෙළඳ ආයතන විසින්‌ ඔවුන්‌ වෙත ලැබුණු දුරකථන ඇමතුම්‌ ආපසු පරීක්ෂා කිරීම සඳහා එම දුරකථන අංකයට නැවත ඇමතූ විට, විදේශීය තානාපති කාර්යාලයක්‌ වෙත ලැබෙන ඇමතුම්වලට පිළිතුරු සැපයීම සඳහා සාමාන්‍යයෙන්‌ සිදුකරන පටිගත ගත කිරීම ව්‍යාජ ලෙස
සකසා තිබී ඇත.

එමෙන්ම අදාල ඇමතුම දෙනු ලබන පුද්ගලයා හට එම ඇමතුම ලබාදෙන ස්ථානය, විදේශීය තානාපති කාර්යාලයම බව හැඟවෙන ලෙසට තාක්ෂණික ක්‍රමවේදයක්‌ මෙම වංචනික පුද්ගලයින්‌ විසින්‌ සකස්‌ කර ඇත.

පසුගිය දින කිහිපය ඇතුලත කොළඹ නගරයේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි කරන සමාගම්‌ දෙකක්‌ වෙත විදේශීය තානාපති කාර්යාලයක්‌ වෙතින්‌ ඇණවුම්‌ කරන ලෙස හඟවා පිළිවෙලින්‌ රුපියල්‌ මිලියන 4.7 සහ රුපියල්‌ මිලියන 2.9 වටුනා දුරකථන මෙම චංචනික
කල්ලිය විසින්‌ ලබා ගෙන ඇත.

ඒ සඳහා ලබා දෙන ලද චෙක්පත්ද ව්‍යාජ ලෙස සකස්‌ කරන ලද ඒවා බවට සිදුකරන ලද විමර්ශනයේදී හෙලිදරව් වී‌ ඇත.

එබැවින්‌, මෙවැනි වංචනික පුද්ගලයන්ගේ කූඨ උපක්‍රමයන්ට හසු නොවන ලෙස සියළුම වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන්‌ ශ්‍රි ලංකා පොලිසිය ඉල්ලා සිටී.

එමෙන්ම එවැනි ඇණවුම්‌ කිරීමක්‌ සිදු කලහොත්‌, ඒ සම්බන්ධයෙන්‌ වඩාත්‌ පරීක්ෂාකාරී ලෙස සොයා බලා එම ගණුදෙණු හරියාකාරව සිදුකරන ලෙසට ශ්‍රි ලංකා පොලිසිය සියළුම ව්‍යාපාරික ප්‍රජාවගෙන්‌ ඉල්ලා සිටී.

මෙවැනි කූඨ උපක්‍රම වලට ඔබ හසුවී ඇත්නම්‌ ඒ සම්බන්ධයෙන්‌ ළහම පිහිටි පොලිස්‌ ස්ථානයට හෝ දැනට මෙම විමර්ශන කටයුතු සිදුකරනු ලබන අංක 182, ඇල්විටිගල මාවත, කොළඹ 08 යන ලිපිනයේ පිහිටි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණ දැනුම්‌ දෙන
ලෙසට පොලිසිය මහජනතාවගෙන්‌ වැඩිදුරටත්‌ ඉල්ලා සිටී.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි