නවතම පුවත්

රුසියාවට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවට එරෙහිව  නව සම්බාධක පැනවීමට ඇමෙරිකා  එක්සත් ජනපදය සූදානම් වන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී ..

රුසියානු නිලධාරීන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන මෙම සම්බාධක පැනවීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති බවද  එම මාධ්‍ය  වාර්තාවේ දැක්වෙ.

මෙම නව සම්බාධක සමග ඇමෙරිකා  එක්සත් ජනපදයේ සිටින රුසියානු නියෝජිතයින් කිහිප දෙනෙකු යළි මව්රට බලා යැවීමට කටයුතු කරනු ඇති බවටද  වාර්තා වේ.

ඇමෙරිකාවේ  සයිබර් ආරක්ෂාවට එල්ල කරන තර්ජනයක් මත පදනම්ව  මෙම සම්බාධක පැනවීමට එරට  රජය තීරණය කර ඇති බවද වාර්තාවේ .

අදාළ රොයිටර් පුවත් වාර්තාවට  අනුව, සෝලර්වින්ඩ් කෝර්ප් නම් ව්‍යාපාර ජාලකරන සමාගම විසින් නිශ්පාදනය කරන ලද මෘදුකාංග  හරහා  එක්සත් ජනපදයේ දහස් සංඛ්‍යාත සමාගම් වල පරිගනක පද්ධතීන් වෙත පිවිසීමට රුසියානු  හැකර්වරුන් හට අවස්ථාව ලබාදීමට රුසියාව කටයුතු කර ඇති බවට චෝදනා නඟා තිබේ.

ඒ අනුව රුසියානු ජාතික කණ්ඩායම් 30 කට පමණ අදාළ සම්බාධක බලපැවැත්වෙනු ඇති බවත්, ඇමරිකාවේ සිටින රුසියානු නියෝජිත නිලධාරීන් දස දෙනෙකු පමණ එම තනතුරු වලින් ඉවත් කෙරෙනු ඇති බවත් අදාළ රොයිටර් වාර්තාව වැඩිදුරටත් හෙළිදරව් කර ඇත .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා