නවතම පුවත්

ඇමෙරිකානු පොලිසිය, 13 හැවිරිදි දරුවෙකු ඝාතනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකාවේ චිකාගෝහි පොලිස්  නිලධාරියෙකු විසින් 13 හැවිරිදි පිරිමි දරුවෙකුට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත .

මෙම දරුවා ඇමෙරිකාවේ වෙසෙන ලතින් ජාතිකයෙකු වන බවද වාර්තාවේ .

. එම ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය මාර්තු මස 29 වනදා වන අතර .පොලිස් නිලධාරීන් විසින් එම දරුවා හඹා යන අයුරු සහ “එය අත්හරින්න” යනුවෙන් පොලිස් නිලධාරියෙකු විසින් දරුවාට විධානය කරන අයුරු වීඩියෝ පටයේ දැක්වෙ.

දිවීම නතර කළ දරුවා සිය දෑත්වල කිසිත් නොමැති බව පෙන්වීමට උත්සාහ කරමින් ආපසු හැරෙන විට ඔහුගේ පපු ප්‍රදේශයට එල්ල වන වෙඩි පහරින් ඔහු බිම ඇද වැටෙන අයුරු වීඩියෝගත වී තිබෙ.

කෙසේ වෙතත්, ආරක්ෂක කැමරාවල දැක්වෙන්නේ එම දරුවා දිව යන අතරතුර අසළ තිබූ වැටකට ඉහළින් යමක් විසි කරන බවයි ඔහු එලෙස යමක් විසි කළ ස්ථානයේ පිස්තෝලයක් තිබෙන බව, පොලිසිය විසින් පසුව සිදු කළ තවත් වීඩියෝ පටයක දැක්වෙ

පසුගිය වසරේ මැයි මාසයේදී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ව අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිත පොලිස් නිලධාරී ඩෙරෙක් ෂෝවින්ගේ නඩු විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් ජනතාව බලා සිටින මේ දිනවල, මෙලෙස 13 හැවිරිදි පිරිමි දරුවෙකු ද පොලිස් නිලධාරීන් විසින් ඝාතනය කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

සිදුවීම සම්භන්ධව මේ වනවිට පර්යේෂණයක් ආරම්භවී ඇත .

 

වීඩියෝව 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි