නවතම පුවත්

සියළුම දේවස්ථානවලට අනිද්දා ආරක්ෂාවක් – කොච්චිකඩේ පල්ලිය අවට රථවාහන සැලැස්මක්

අසංක

අසංක

දිවයින පුරා සියලුම දේවස්ථානවල අනිද්දා (21) ආරක්ෂාව තර කරන ලෙස පොලිස්‌ මූලස්ථානය සියලුම පොලිස්‌ ස්ථාන‌ වෙත දැනුම් දෙයි.

ඒ, මීට වසර දෙකකට පෙර මේ මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්‌ මියගිය සහ තුවාල ලැබූවන්‌ සිහි කර දේවස්ථානවල දේව මෙහෙයන්‌ සහ ආගමික වැඩසටහන්‌ සංවිධාන කර තිබීම
හේතුවෙනි.

මේ අතර කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයක්‌ හේතුවෙන්‌ හෙට (20) පස්වරු හතරේ සිට අනිද්දා දහවල්‌ 12 දක්වා දේවස්ථානය
අසළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබේ.

කොළඹ – _කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත‌
විශේෂ දේව මෙහෙයට අදාළව රථ වාහන සැලැස්ම හෙට (20) පස්වරු 04.00 සිට අනිද්දා (21) වන දින මධ්‍යහන 12.00 දක්වා ක්‍රියාත්මක ය.

ඉහත කාල සීමාව තුළ විශාල ජනකායක්‌ දේවස්ථානය වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින්‌ ඒ සඳාහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් මෙම ‌ විශේෂ රථවාහන සැලැස්ම‌ ක්‍රියාත්මක කර ඇත.

ස්ථානය ඉදිරිපිට පහත මාර්ගයන්‌වල රථවාහන ගමනා ගමනය සීමා කෙරේ

ශාන්ත අන්තෝනි මාවත
ජින්තුපිටිය වට රවුම සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලුවීම සහ පිටවීම.

රාමනාදන් මාවත
හෙට්ටියාවත්ත හන්දිය සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලුවීම සහ පිටවීම කිස්ටී දෙදරු මාවත

ක්‍රිස්ටි පෙරේරා මාවත
ජම්පටාවීදිය පොලිස්‌ ස්ථානය අසල සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලු වීම
භා පිටවීම.

ඉහත මාර්ග භාවිතා කරනු ලබන රියදුරන්‌ භා මහජනතාව සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

හෙට්ටියා වත්ත හන්දිය දෙස සිට පිටකොටුව දක්වා ගමන් කරන රථවාහන-
ජෝර්ජ්‌ ආර්‌ ද සිල්වා මාවත, ක්‍රිස්ටි පෙරේරා මාවත, සංඝමිත්තා මාවත, මහා විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුව දෙසට ගමන්‌ කල හැක.

පිටකොටුව සිට හෙට්ටියාවත්ත දෙසට ගමන් කරන රථවාහන-
‌රෙක්ලමේෂන් පාර, චයිනා වීදිය, ගෑස්‌ පහ වටරවුම, ආදරුප්පුවීදිය, මහා විද්‍යාල මාවත, ආමර්‌ බාබර්‌ විදුලි සංඥා හන්දිය, ජෝර්ජ්‌ ආර්‌ ද සිල්වා මාවත ඔස්සේ හෙට්ටියාවත්ත දෙසට ගමන්‌ කල හැක.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි