මුරලිට හදිසි සැත්කමක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘද සැත්කමකට භාජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .
ඉන්දියාවේ චෙන්නායිහිදී ඔහු මෙසේ සැත්කමට භාජනය කර ඇති අතර සුව අතට පත්ව රෝහලින් ඊයේ (19) පිටව ගොස් තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන්  මුත්තයියා මුරලිදරන් පෙරේදා (18) දින  රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත
ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලිදරන් කටයුතු කරමින් සිටී .