රාහුල් ගාන්ධිටත් කොරෝනා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

රාහුල්  ගාන්ධිගේ   ට්විටර් ගිණුමේ පළ කළ නිවේදනයක්  උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව අනාවරණය කර ඇත .

තමන් කොරෝනා ආසාදිතයකු බවත් පසුගිය දින කීපයේ තමන් සමීපයට ආ සියලු දෙනා පීසීආර් පරීක්ෂණ වෙත යොමු විය යුතු බවත් රාහුල් ගාන්ධි මෙම පනිවුඩයෙන්  පවසා ඇත.

50 හැවිරිදි වියෙහි පසුවන රාහුල් ගාන්ධි, මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමු වී ඇතැයි ද වාර්තා වේ. වෛද්‍යවරුන්ට අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද පැවැසෙයි.