නවතම පුවත්

රට තුල අලුත් කොරෝනා ප්‍රභේදයක් ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී  ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කර සිටී

මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවද  එම කාර්යාංශය සඳහන් කර සිටී . මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන අතර මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙ.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව ඉකුත් සමයේදී නිරීක්‍ෂණය වුනු අතර . මෙවර උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වීමට හේතු වී ඇති බවද  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේය

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ගවලට යොමු වීම වැළැක්වීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සියළු දෙනාගේ වගකීමක් වන බවද . දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථාන වෙත නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග වන බවද එම කාර්යාංශය සඳහන් කර සිටී .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා