ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමූ අමෙරිකානු පොලිස් නිලධාරියා  වසර 75ක් හිරේට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉකුත් වසරේ මැයි මාසයේදී , එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා මහමඟ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිදුවීමට හිටපු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර ඇත
ඒ අනුව ඔහුට වසර 75ක සිර දඩුවමක් ලබාදීමටද අධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී .
මෙම ඝාතනය එරට වර්ගවාදී ගැටුම් පිළිබඳ කතිකාවත ප්‍රභල ලෙස යළි අවදි කිරීමට සමත් වූ අතර, ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව ඇමරිකානු පුරවැසියන් වීදි බසින තත්ත්වය දක්වා උත්සන්න වී තිබිණි.
හිටපු මිනියාපොලිස් පොලිස් නිලධාරී ඩෙරෙක් චෝවින් මෙම වරද පිළිගැනීමට සූදානම් නොමැති වූ මුත්, අධිකරණය විසින් ඒකමතික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, ඊට චෝවින් වරදකරු බවත් ය.