බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය රට තුල ව්‍යාප්ත වන බවට සැකයක් ඇතිව ඇති බවත් ඒ ඇහුව රට තුල ව්‍යාප්තවන ප්‍රභේදය හඳුනා ගැනීමට විශේෂ PCR පරීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටී .
ගතවූ සති දෙක තුලදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, වැඩි වශයෙන් තරුණ ප්‍රජාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානයක් පෙන්නුම් කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය .
එමෙන්ම මෙරට රාජ්‍ය බැංකුවක ව්‍යාප්තවන කොවිඩ් ආසාදිතයින්ගේ ද S-ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කර තිබෙන බවත් එය එංගලන්තයේ ව්‍යාප්ත වන කොව්ඩ් ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කරන බවත් ආවාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර සඳහන් කළේය .
මන්ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයේ ද S- ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කළ බවද ඔහු සඳහන් කළේය .
කෙසේ වුවත් රට තුල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමට නිසි පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ
මේ වන විට PCR පරීක්ෂණ වලදී S-ප්‍රෝටීන පරික්ෂා කිරීමට හැකි විශේෂ PCR පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමට ඉල්ලුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ ලබන අඟහරුවාදා වන විට ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත සඳහන් කළේය .
.