නවතම පුවත්

කොවිඩ් වාතය මගින් බෝවෙන්න ළඟයි – ඩබල් මාස්ක් පළඳින්නැයි උපදෙස්

අසංක

අසංක

covid -19 වෛරසය නුදුරේදීම වාතය මඟින් සම්ප්‍රේෂණය වීමට පටන් ගන්නා බවට නවතම සොයා ගැනීමකින් හෙළිවීමත් සමඟ මුඛ ආවරණ දෙකක් එකවර පැළඳීම වඩා සුදුසු බව විශේෂඥයෝ අවධාරණය කරති.

අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) විසින් කරන ලද අධ්‍යයනයන්ගෙන් මේ බව හෙළි වී තිබේ.

මෙම ක්‍රමය හැඳින්වෙන්නේ ‘Double masking’ ලෙසයි.

රෙදි සහ සර්ජිකල් මාස්ක් (ශල්‍යකර්මවලදී පළඳින එක්වරක් භාවිත කර ඉවත දමන වෙළඳපොලේ බහුලව ඇති නිල් පැහැ ලේයරයක් සහිත මුඛ ආවරණය) යන දෙකම භාවිත කිරීමෙන් ඇතිවන ද්විත්ව ආවරණ මගින් වාතය කාන්දු වීම වළක්වා ගත හැකි අතර මුහුණේ හැඩයට වඩාත් හොඳින් ගැලපීම නිසා වඩා ආරක්ෂිත බව විශේෂඥයෝ පෙන්වා දෙති.

දැනට බහුලව භාවිත කරන මුඛ ආවරණ අතුරින් වෛරසය පෙරීමට ලක්කරන ප්‍රතිශතය පහත පරිදි වේ.

    • සර්ජිකල් මාස්ක් – 56.1%
    • රෙදි මාස්ක් -51.4%
    • අගින් ගැටයක් ගසන ලද සර්ජිකල් මාස්ක් -77%
    • සර්ජිකල් සහ රෙදි මාස්ක් දෙකම – 85.4%
    • N95 මාස්ක් – 95%

මෙහිදී වඩාත් සුදුසු වන්නේ N95 මුඛ ආවරණය වන නමුත් එය සෑම දෙනෙකුටම මිලදී ගැනීමට අපහසු හෝ සොයාගැනීම අපහසුතා ඇති බවටද වාර්තා පළ වේ. කෙසේවෙතත් N95  මුඛ ආවරණයක්  පැළදීමේ දී ඒ සමඟ තවත් මුඛ ආවරණයක් වැළඳීම නොකළ යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.

නිල් පැහැති ලේයරයක් ඇති ලේයර තුනකින් සමන්විත  Surgical Mask පළඳින්නේ නම් ඒ භාවිත කිරීමේදී ආවරණය අවසන් වන තැන කනෙ හි රඳවන පටිය ගැටයක් ගැසිය යුතු බව විශේෂඥයන්ගේ උපදෙසයි.

ඔබ රෙදි මුඛ ආවරණයක් පළඳින්නේ නම් ඒ සමඟ දෙකොන ගැටගැසූ surgical මුඛ ආවරණයක් භාවිත කරන ලෙස විශේෂඥයෝ උපදෙස් දෙති.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා