ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 40% කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට රජය සැළසුම් කර ඇති බව . රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී .
ජුලි මාසය වනවිට රුසියානු ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 2.6 ක් මෙරටට ලැබීමට නියමිත අතර මීට අමතරව ෆයිසර් එන්නත ලබා ගැනීම සඳහාද බළධාරීන් කටයුතු කරමින් සිටින බව .රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාආති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය . ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4.9 ක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය .
චීන සයිනොෆාම් එන්නත මේ වනවිටත් මෙරටට පැමිණ තිබෙන නමුත් එම එන්නත භාවිතා කිරීම සඳහා විශේෂඥ කමිටුවෙන් තවමත් අවසර ලැබී නොමැති නමුත් ලබන මැයි මාසය වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අනුමැතිය හිමිවනු ඇති බවද ඒ මහතා පැවසීය . මේ වනවිටත් රටවල් ගණනාවක් විසින් සයිනොෆාම් එන්නත භාවිතා කරමින් සිටීන බවද ඔහු පැවසීය .