නුවරඑළියේ අස්වැන්න සරුයි – ආනයනික අර්තාපල් බදු ඉහළ දැමේ

Picture of අසංක

අසංක

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

නුවරඑළියෙ අර්තාපල් ගොවීන් අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් මෙවර වැඩි අස්වැන්නක් අපේක්ෂා කිරීමත් මෙම තීරණයට හේතු වූ බව රජය පවසයි.