කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින්ට ලබාදීම හෙට සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරසිටී

ඒ අනුව ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පළමුව එම එන්නත ලබාදෙන බවද  රාජ්‍ය අමාත්‍යවරයා  මාධ්‍ය වෙත පැවසීය .

එසේම මෙම එන්නතේ දෙවන මාත්‍රාව  ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා තවත් එන්නත් තොග මෙරටට ගෙන්වීමට පියවර යොදා ඇති බවද ඒ මහතා පැවසීය .