නවතම පුවත්

ගෙවුණු මාසයේ  රිය අනතුරු 2000 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
පෙර වසරවල මෙන්ම අලුත් අවුරුද්ද යෙදුණු අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු ගණන වාර්තා කරමින් සිදුව ඇති රිය අනතුරු ගණන 1959 ක් බව පොලීසිය පවසයි.
මේ ඒ පිළිබඳ කෙරෙන සවිස්තරාත්මක විග්‍රහයකි.
අපේ රටේ වැඩියෙන්ම රිය අනතුරු සිදුවන මාසය ලෙස සැලකෙන්නේ අප්‍රේල් මාසයයි. මේ බව අනාවරණය වී ඇත්තේ පොලිස් රථවාහන අංශය විසින් කාලයක් තිස්සේ රැස්කළ රිය අනතුරු දත්තයන් විශ්ලේෂණයෙනි.
අලුත් අවුරුදු මාසය ලෙස සැලකෙන අප්‍රේල් මාසය ආරම්භයත් සමග පොලීසිය මාධ්‍ය ඔස්සේ රිය අනතුරුවලින් වැලකෙන හැටි රියදුරන්ව දැනුවත් කරන්නේ එබැවිණි. ඒ පෙර වසරට වඩා එක අනතුරක් හෝ අඩුකර ගැනීමටය. එහෙත් සිදුවන්නේ වසරින් වසර රිය අනතුරු ඉහළ යාමකි.
මෙවරත් අප්‍රේල් මාසයේ රිය අනතුරු සම්බන්ධයෙන් දත්තයන් පොලිස් රථවාහන අංශය විශ්ලේෂණය කර හමාරය. ඊට අනුව මෙවර අප්‍රේල් මාසයේ සිදුව ඇති රිය අනතුරු ගණන 1959 කි. මේ පොලීසියට වාර්තාවූ රිය අනතුරු පමණි.
මේ හා සමාන දෙතුන් ගුණයක් වුවත් රිය අනතුරු මේ කාලය තුළ සිදුව තිබෙන්නට පුළුවනි.
පොලීසියට වාර්තා වූ අනතුරුවලින් පුද්ගල ජීවිත 205 ක්ම මෙවර අප්‍රේල් මාසයේදී අහිමිව තිබේ. එසේම ඒ කාලය තුළ සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ ගණන 1254 දෙනෙකි. ඒ අයගෙන්ද 461 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත. ඒ අය අතර සදා කාලීන අබාධයන්ට ලක්වූවන්ද නැත්තේම නැත.
සංඛ්‍යා දත්ත විශ්ලේෂණ විග්‍රහකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරන්නේ අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළ බවයත. එම ගණන 768 කි. එසේම ඊට පසු වැඩිම රිය අනතුරු ගණනක් වාර්තා වී ඇත්තේ වයඹ පළාතෙනි. එම ගණන 237 කි.
මේ අනුව බලන කළ අප්‍රේල් මාසය තුළ රටේ සිදුවූ සමස්ත රිය අනතුරුවලින් සියයට 51 ක් පමණ සිදුව ඇත්තේ බස්නාහිර සහ වයඹ පළාත් ආශ්‍රිතවය.
එසේම රිය අනතුරු සම්බන්ධයෙන් තවත් විශ්ලේෂණයක් සිදුව ඇත. එනම් සතියේ දින 07 න් අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු සිදුව ඇත්තේ කවදාදැයි කියාය. ඊට අනුව අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු ගණනක් සිදුව ඇතැයි අනාවරණය වන්නේ සදුදා දිනයේදී බවය. එසේම වැඩියෙන්ම රිය අනතුරු සිදුවන්නේ දහවල් 12.00 ත් රාත්‍රී 8.00 අතර බවද මේ විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරන්නේ අප්‍රේල් මාසයේ සිදුවූ රිය අනතුරුවලින් වැඩිම අනතුරු සිදුව ඇත්තේ යතුරු පැදිවලින් බවය. දෙවැනියටම වැඩිම අනතුරු සිදුව ඇතැයි විශ්ලේෂණයට හසුවී ඇත්තේ ත්‍රී රෝද රථය.
පොලීසියේ විශ්ලේෂණයන්ට අනුව අනතුරු ඉහළ යාමට යතුරුපැදි සහ ත්‍රී රෝද රථ ඉවහල්වන බව පෙනී යයි. එහෙත් අපේ රටේ සමස්ත රථවාහන සංඛයාව ගණනය කළහොත් වැඩිම රථවාහන ප්‍රමාණයක් ඇත්තේ යතුරු පැදිය.
දෙවැනියට වැඩියෙන්ම ඇත්තේ ත්‍රී රෝද රථය. එම වාහන සංඛ්‍යාවේ  ප්‍රතිශතයක් ලෙස රිය අනතුරු ගණනය කළහොත් පෙනී යන්නේ මෙරට අඩුවෙම්නම රිය අනතුරු සිදුවීමේ ප්‍රතිශතයක් ඇත්තේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ බවකි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා