අවම වශයෙන් ළමුන් මිලියන 15ක් ඇතුළුව මිලියන 100 කට අධික ජනතාවක් ඊ-සිගරට් භාවිත කරන අතර එය නිකොටින්වලට ඇබ්බැහිවීමේ නව රැල්ලක් ඇතිකර තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ගෝලීය සංඛ්‍යාලේඛන මත පදනම්ව එම සංවිධානය පවසන්නේ, ළමයින් සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට වඩා නවගුණයකින් ඊ-සිගරට් භාවිත කිරීමට ඉඩ ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය එටියන් කෘග් පවසා ඇත්තේ, ඊ-සිගරට් නිකොටින්වලට ඇබ්බැහිවීමේ නව රැල්ලක් ඇති කරන බවයි.
ඒවා අඩු හානියක් පවතින බව පවසමින් අලෙවි කරන නමුත් යථාර්ථයේ දී, දරුවන් ඉක්මණින් නිකොටින්වලට ඇදදමමින් දශක ගණනාවක ප්‍රගතිය අඩපණ කිරීමේ අවදානමක් මතුකර ඇතැයි ද ඔහු පවසයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් චෝදනා කළේ, දුම්කොළ කර්මාන්තය තරුණයන් ආක්‍රමණශීලී ලෙස ඉලක්ක කරමින් සිටින බව සහ ඔවුන් යොවුන් වියේ පසුවන්නන් ඉලක්ක කරමින් සිටින බවයි.
කෙසේවෙතත් ලොව පුරා රටවල් විසින් ක්‍රියාත්මක කර ඇති දුම්කොළ පාලන රෙගුලාසි හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් දුම්කොළ භාවිතය නතර කර හෝ භාවිත නොකරන බව ද ඔහු පැවසීය.
“මෙම ශක්තිමත් ප්‍රගතියට ප්‍රතිචාර වශයෙන්, දුම්කොළ කර්මාන්තය තරුණයන් ආක්‍රමණශීලී ලෙස ඉලක්ක කරගත් නව නිකොටින් නිෂ්පාදන සමඟ සටන් කරමින් සිටී. ඔප්පු කරන ලද දුම්කොළ පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජයන් වේගයෙන් හා ශක්තිමත්ව ක්‍රියා කළ යුතුය,” ඔහු තවදුරටත් සඳහන් කරයි.
