නවතම පුවත්

ලොක්ඩවුන් පිළියන්දල කොටසක් ඇරිය හේතුව ඇමති ලොකුගේ පහදයි

අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අංශ විසින් හදුනගත් පිළියන්දල පොලිස් වසම හුදෙකලා කර පැය කිහිපයකින් නැවතත් ග්‍රාම සේවා වසම් කිහිපයක් නිදහස් කිරීමට අදාළව නම ඈඳුණු ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතා ඒ සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පැහැදිලි කිරීමක් කර තිබේ.

එම පැහැදිලි කිරීම මෙසේය.

“පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ.

දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව සිදුකල මෙම හුදකලා කිරිම ගැටලුවක් විය.

සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ් 19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වි සිටින ප්‍රදේශ තව දුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි.“

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි