කැස්බෑවේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක් බිහිවෙලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කැස්බෑව ප්‍රදේශයේ අලුත් අවුරුදු දිනවල  පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වේ . ඒ අනුව . කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16 කදී කොරෝනා ආසාදිතයින් 400කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වී ඇත .

රෝගීන් අතර අමාත්‍යවරයෙක්ගේ බෑණනුවන් හා කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ද වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය

කැස්බෑවෙන් වැඩිම ආසාදිතයින් ගණන 149 දෙනෙකු ලෙස ඊයේ (04) දිනයේ දී වාර්තා වී තිබින .

ඉකුත් 30දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 268 කින් එම රෝගීන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් බවද  එම ප්‍රකාශකයා සඳහන් කර සිටි.

මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙනි.