පැතුම් වික්‍රමරත්න
දිනකට හඳුනාගන්නා කොරෝනා රෝගීන් ප්‍රමාණය 2,000කට ආසන්න වෙමින් තිබියදී එමෙන් තුන් ගුණයක් පමණ සමාජයේ නිදැල්ලේ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර සිටී
මෙම පිරිස හරහා රටේ කොවිඩ් ව්‍යාප්තිය ඉදිරි දිනවල වඩාත් වේගවත් විය හැකි බවද එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙ.
ඒ අනුව අත්‍යයවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචාරණ සීමා පනවන ලෙස තම සංගමය රජයෙන් ඉලා සිටින බවද ඇය මාධ්‍ය වෙත පැවසීය
කොරෝනා ආසාදිතයන්ට වෙන්කර ඇති රෝහල් ඇදන් ඉතාම සීඝ්රයෙන් පිරී යමින් ඇති බවත් දැඩි සත්කාර ඒකකද වේගයෙන් පිරි යමින් තිබෙන බවත් මෙහිදී ඇය සදහන් කළාය .