කොළඹ උද්ධමනය සියයට 8 දක්වා ඉහළට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී සියයට 7.3ක්ව පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය සියයට 6.3ක් ලෙස වාර්තා වී තිබුණි.

කෙසේවෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 7.7ක් දක්වා අඩු වී තිබේ.

එම අනුපාතය ජූලි මාසයේදී සියයට 7.8ක් ලෙස වාර්තා වී තිබිණි.