වරාය නගර කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව , මැයි 18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

port-city-colombo
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වනවිට  කථානායකවරයා වෙත ලබා දී ඇති අතර  එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මැයි 18 වැනි දින සිදුකිරීමට නියමිතව ඇත.

මෙම ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එමඟින් රටේ ස්වාධිපත්‍යයට හානිදායක බවත් පවසමින් දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොණු කරන ලදී.

එම පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දින 05 ක කාලයක් පුරා විභාගයට ගනු ලැබූ අතර පසුගිය(23) දින පෙත්සම් විභාගය අවසන් කෙරුණි.