මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අද (06) දින සිට ඉන්දියාව පුරා සතියක් විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු ආරම්භ කර ඇත .
ඒ අනුව කෙටි තරංග 873 KHz යටතේ අද සවස 6.30 සිට 7.30 දක්වාත් හෙට සිටමැයි 13 දින දක්වා , සෑම දිනකම සවස 6 සිට 7 දක්වාත් ඉන්දියාව පුරා මෙම රතන සූත්‍ර දේශනාව විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පියවර ගෙන ඇත .
එසේම ගුවන්විදුලි සංස්ථාවේ ආසියානු හින්දි සේවයේ කෙටි තරංග 25 M 11905 KHT යටතේද ඉදාසන 6 සොට 8 දක්වා මෙම දේශනාව විකාශය කෙරේ .
මෙම දේශනාව ශ්‍රවනය කිරීම , ඉන්දීය ජනතාවට මෙම කොවිඩ් ව්‍යයසනයෙන් මිදීමට යම් ආශිර්වාදයක් වනු ඇති බවට වන සුභාශිංසන සහිතව මෙරට මහා සංඝරත්නය මෙසේ රතන සූත්‍ර දේශනාව සිදුකරයි
එසේම මේ සමග ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් , ගුවන්විදුලි සංස්ථාවේ සියලු නිලධාරීන්ගේ හා කාර්යමණ්ඩලයේත් සෙත් ප්‍රාර්ථනය ඉන්දීය ජනතාව වෙත පිරිනැමෙන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සඳහන් කර ඇත .
ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ .