කොරෝනා රෝගීන්ට පුද්ගලික රෝහල් වලත් ඉඩ මදිවේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙරට පුද්ගලික රෝහල් වලද කොරෝනා  ආසාදිතයන් සඳහා වෙන් කළ රෝහල ඇඳන් ධාරිතාවන් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති බව වාර්තාවේ .

මෙරට ප්‍රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකකයන් පවත්වාගෙන යමින් සිටි.

කෙසේ වෙතත්  දැනටම එම ඒකකයන්හි ඇදන් පූර්ණ වශයෙන් පිරී ගොස් ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම රෝහල් වලින් ප‍්‍රතිකාර ගැනීම සඳහා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරමින් ඇතත් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමට එම රෝහල් අපොහොසත් වී සිටි.